ගී පද
පෙනුන සුබ දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී සිතකට දෙවනවද ඔයා
යහන මත වඩී හිරු දෙවි දෙඇස පිය පියා
ඔබ තාම නිසා නෑ දයාවියේ මට ආදරෙයි කියා
සෙල්ලම් ගෙවල් තනාගෙන වැලිබත් උයාකවා
වල් කොල කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලකු ලමා වියේ සැලකිලි නොමැත මගහැරි
මට ආදරෙයි කියන්නකො අගෙන් අමාපිරි
ඇන්ද රතුවලා සිතුවම් අකුලුවා තියා
තිදරු පෙම සැදෑ අදුරට ඉඩතබා ගියා
සීත සද නැගෙයි පෙරබර කවුලු දොර අයා
ඔබ තාම නෑ දයාවියේ මට ආදරෙයි කියා
හමුවිනි අනන්ත මල් දුර ගොත් සුවද නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ දෙසම හැරි හැරී
පාලුව ලැගුම් ගනි හද තුල පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො අගෙන් අමාපිරි