පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේpaena mada kadithi waew thaawalu waehi kaalee

Pena Mada Kadithi

ගී පද

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නිවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ 
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ.....

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතූ
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ 
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ....

රණ් මසු පටපිලී අබරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා....

පැන මඩ කඩිති....