පෙම්වතුන් වෙලා හිටියත් පෙම් හිතින් නොවේpemwathun welaa hitiyath pem hithin nowee

Pemwathun Wela Hitiyath

ගී පද

පෙම්වතුන් වෙලා හිටියත් පෙම් හිතින් නොවේ
වෙන්වෙලා යන්න හිතුනත් හිත එකග නොවේ
එක්වෙලා එකට සිටියත් සියොළඟම දැවේ
ජිවිතය වින්දින්නට මිස විදවන්න නොවේ

සුලග හමන්නෙ නැතිනම් සයුරේ රල පෙල නැගේද
හිරු පායන්නේ නැතිනම් විලේ නෙලුම් මල් පිපෙද
පවස නිවෙන්නේ නැතිනම් සයුර උනත් පලක් වේද
සැබෑ ආදරේ නැතිනම් පෙම් සටනින් ජය ලැබේද

මද පවනක් වූ ඔබ මට සුලි සුලගක් උනේ මන්ද
දිය පහරක් වූ ඔබ මට රල පහරක් උනේ මන්ද
මල් වැස්සක් වූ ඔබ මට කුණාටුවක් උනේ මන්ද 
සමුගන්නට නම් මේ ලෙස ඔබ මට පෙම් කලේ මන්ද