ගී පද
පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනි වී
විසඳුම් සොයනු කෙසේ...
මා තුරුලේ හිඳිනා උණුසුම් යහනාවේ
ඉකිබිඳිමින් හැඬුවා මතකද ගංතීරේ
මගේ ලොව ඔබවේ නම් සැකයෙන් ඇයිද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ...
පෙම්වතුන් සිනාසේ...
මල හිරු බැස යද්දී සඳු පායා ඒවී
අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ
අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ...
පෙම්වතුන් සිනාසේ...