පෙම්වතියේpemwathiyee

Pemwathiye

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
තිලිණි පියුමාලිthilini piyumaali

ගී පද

පෙම්වතියේ පෙර ආත්මයේ 
පැතු ඔබෙ සෙනෙහස හින්දා 
මේ ආත්මයේ මට මේ වගේ 
කඳුලැලි උහුලන්න වෙලා 

නගනා චෝදනා කරනා ඔබෙ කතා 
සිතෙනා වේදනා හිත පාරලා දැනෙනවා 
ඔබ මා ලඟින් දැවටුනි පෙරදා 
දෙතොලෑලි මගෙ නලලේ තියා 
හැමදා ලඟින් ඉන්නට කියලා 
පැතුවා හිස අත තියලා 

මගෙ අතැඟිලිවල එල්ලී ගෙන ඔබ 
නිතරම ලඟට වෙලා 
කිව්වේ එක එක කතාව ගොත ගොත 
ආදරෙ වැඩි හින්දා       

නගනා චෝදනා කරනා....

නිතරම අපි ගැන කිව්වේ නෑ ඔබ 
ඇස් වහ වැදෙයි කියා
වෙනසක් ඔබ ගැන හිතුවේ නෑ මම 
හොඳටම දන්න නිසා

නගනා චෝදනා කරනා ඔබෙ කතා 
සිතෙනා වේදනා හිත පාරලා දැනෙනවා 

පෙම්වතියේ පෙර ආත්මයේ....   
නගනා චෝදනා කරනා....