පෙම්වතියේpemwathiyee

Pemwathiye

සංගීතය:
මාධව හේවාවසම්maadhhawa heewaawasam
පද රචනය:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

ගී පද

ඔය දෑසින් කියන කතා රහසින් මා දිහා බලා
හද පතුලට දැනෙන නිසා මට ආදරේ හිතෙනවා
ඔබ නොඑනා හැමදාම මට පාළුයි රෑ හීන
ඔබේ ආදරේ මට නේද කියන්නකෝ ළංව......

පෙම්වතියේ... පණ මාගේ හැම සිහිනේ
ඔබ මාගේ නෙතු කැල්මේ හිත බැඳුනේ
ඔබ කවදාද මගේ වීලා සඳ මා හද වෙත එන්නේ.....

ඔබ නොදකින විට දැනෙනා දුක දන්නෙම නෑ ඔයා 
තව ඉන්නද කොතෙක් බලා ආදරේ කියනෙ තුරා
ඔබ නොඑනා හැමදාම මට පාළුයි රෑ හීන
ඔබේ ආදරේ මට නේද කියන්නකෝ ළංව......

ඔය දෑසින් කියන කතා හොරැහින් මා දිහා බලා
හිත ඇතුළට දැනෙන නිසා මට ආදරේ හිතෙනවා.....

පෙම්වතියේ.....

නෙතු කැල්මේ හිත බැඳුනේ
ඔබ කවදාද මගේ වීලා සඳ මා හද වෙත එන්නේ.....
ඔබ නොඑනා හැමදාම මට පාළුයි රෑ හීන
ඔබේ ආදරේ මට නේද කියන්නකෝ ළංව......