‍පෙම්බර නුඹ ඇවිදින්pembara numba aewidhin

Pembara Numba Awidin

ගී පද

‍පෙම්බර නුඹ ඇවිදින් නවතින ‍කොට කාන්සියට
කිණ්නර කතා පුවත සුන්දර වී රාත්‍රියට
සුන්කර යන්න ‍නොදී අපි පැතුමන් හදිස්සියට
රන්කඳ මගෙම ‍වෙන්න උපදින හැම ආත්මයට

‍සොර‍බොර වැව් දිය මත රටා තියන සඳ එළියට
මල්බර හිනා නැ‍ගෙයි හමා ඇ‍දෙන නළ රැල්ලට
සුන්දර හීන එකට අත් අල්ලන් සීරුවකට
මහගිර අපි නගිමු කිසි වෙ‍හෙසක් ‍නො‍ගෙන හිතට

‍පෙම්බර නුඹ ඇවිදින් ....

අන්දර මලක් ‍වෙලා සැඟ‍නොකොට උණුහුමකට
කරදර එන්න එපා අපි තනනා කුඩුවකට
නිලඹර සඳක් ‍වෙලා මල් ‍නෙලමින් වසන්තයට
පැහැබර ‍හෙටක් ති‍යේ දුක් උහුලපු අතීතයට

‍පෙම්බර නුඹ ඇවිදින් ....