පෙම්බර මාතාpembara maathaa

Pembara Matha

ගී පද

පෙම්බර මාතා මා වැඩු මාතා
ගයමි ඔබෙි මවු ගුණ සමරා
කුසුම් පුදා කුසුම් පුදා
වඳිමි මගේ මාතා

දස මස ඔබ මව් තුසේ දරා
නිම් නැති දුක සැප සේ විඳලා
දිවා රැයේ -  නිදි නොලබා
මා වැඩු මගෙ මාතා

ඔබ හදවත් ලේ කිරි කරලා
රසකර දී කුස ගිනි නිවලා
ඔබ තුරුලේ - නිදි කරවා
මා වැඩු මගෙ මාතා

සුරුතල් කර පාසලට යවා
ඔවදන් දී නිසි මග පෙන්වා
නිවන් පතා නිවන් පතා
වඳිමි මගේ මාතා