පෙම්බරාpembaraa

Pembara

සංගීතය:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
පද රචනය:
මධුෂානි සාරුකලිmadhhushaani saarukali

ගී පද

පෙම්බරා අහසේ සඳ තරු හොරා
පෙම් හිතේ සැරි සරා මල් හිනේ හැඩ කරා
යා වෙවී හිත හොරා නෙතු ඉමේ දඟ කරා
මාගේ හීනේ කුමරා ඔයා...

නිල් දෑස දෑලේ මල් හීන නොපෙනේ
මල් හී ද විද්දේ මට නම් නොතේරේ
මගේ පෙමිබරා... 
හද ගැහෙන ආලේ තනියෙන්ම වින්දේ
හිත හීන බැඳුනේ පෙම පිවිතුරා...
යා වෙවී හිත හොරා නෙතු ඉමේ දඟ කරා
මාගේ හීනේ කුමරා ඔයා...

කිරි කෝඩු බාලේ මතකේ ඇඳෙන්නේ
මං තාම අඳුරේ කෝ සඳසරා
හිත බැන්ද ආලේ මං තාම වින්දේ
මගේ හීන නගරේ නවතින්න මගේ පෙම්බරා
යා වෙවී හිත හොරා නෙතු ඉමේ දඟ කරා
මාගේ හීනේ කුමරා ඔයා...

පෙම්බරා...