ගී පද
හිතවත්කමක් ආයේ මට ඕන නෑ
මට මෙන්ම නුඹටත් මා උරුම නෑ
මගේ බොළඳ ආදරේ නුඹට හුරු පුරුදු නෑ
යන්න ගිය නුඹ සොයා මා ආයේ එන්නේ නෑ
පෙම් සිතට විරාමයක් නොදන්නවා ඇවිදින්
ඔබේ සතුට ගැන සිතා ඔබෙන් දුරට යන්නම්......
දෙන්නාම ජීවිතේ ගැන සැලසුම් කළා
නොලැබීම මං ගෙනාපු දෛවේ නිසා
එනමුත් ඔයා මා හැර යන්නම ගියා
පෙම් සිතට විරාමයක් නොදන්නවා ඇවිදින්
ඔබේ සතුට ගැන සිතා ඔබෙන් දුරට යන්නම්......
විඳවපු තරම් මේ ඇස් දෙක නුඹ ගැන සොයා
හැඬුව තරම් මං තනියෙන් ඔයා දන්නේ නෑ
එනමුත් ඔයා මා හැර යන්නම ගියා.....
හිතවත්කමක් ආයේ......