ගී පද
පෙම් සිත රිදුනා රත්තරනේ
මට දුක හිතුනා රත්තරනේ
මා තනි කරලා ඔබ හැර ගියදා
මා තනි කරලා ඔබ හැර ගියදා
මගේ හිත රිදුනා රත්තරනේ
ආදරයේ උණුසුම නැහැ මගේ ලොවේ
හැර ගියදා මම හඩනෙමි දුකට මෙසේ
හදුනා ගත්දා පිවිතුරු හැගුම් මගේ
කදුලු සැලේවී නෙතගින් පෙමට ඔබේ
පෙම් සිත රිදුනා රත්තරනේ...............................
ඔබ ගැන සිතමින් සිටිනෙමි දිවා රැයේ
පෙර ලෙස ආයෙත් එනු මැන මගේ හදේ
කලකට පසුවත් අමතමි ඔබට මෙසේ
තවමත් ඔබටයි සෙනෙහස උරුම මගේ
පෙම් සිත රිදුනා රත්තරනේ.............................