ගී පද
ජීවිතේදී වටින එකම වස්තුවයි ඔයා
නොලැබුණේ ඔයා මට මං පවුකාරයෙක් නිසා....
(තහනම්ව ආදරේ නාමෙන් නුඹට ලං වුණා
පෙම් සිල්වතෙක් වෙලා ගොතන්න පෙම් ප්‍රාර්ථනා...//)
(ජීවිතේදී වටින එකම වස්තුවයි ඔයා
නොලැබුණේ ඔයා මට මං පවුකාරයෙක් නිසා....//)
ආඩම්බරෙන් එදා මා දෙස බැලුවේ නෙත් සලා
ඔය හිතේ පිරුණු ආලේ මගේ මනසේ පතුරලා
හැමදේම අනිත්‍යයි නම් අපේ ආදරේ පවා
නොවෙනස්ව තියෙන් නෑ වස්තුවේ වැරදි නෑ ඔයා....
(ජීවිතේදී වටින එකම වස්තුවයි ඔයා
නොලැබුණේ ඔයා මට මං පවුකාරයෙක් නිසා....//)
අවසාන දවස හමුවී විඳවාවි මගේ හිතේ
නුඹේ හිනා මැවුණු රූපේ සැනසුමයි හදවතේ
අන්තිම කැමැත්ත මාගේ සතුටයි නුඹේ හිතේ
එළඹෙන භවයක හමුවෙමු අපි මගේ වස්තුවේ.....
(ජීවිතේදී වටින එකම වස්තුවයි ඔයා
නොලැබුණේ ඔයා මට මං පවුකාරයෙක් නිසා....//)
තහනම්ව ආදරේ නාමෙන්……