ගී පද
M- පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ
F- නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ
M- පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා ...//
F- ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා
පෙම් රස වෑහෙන .../
M- සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා
සදාතනික වේවා ...//
F- සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා
(පෙම් රස වෑහෙන ..../)
ආදර නැකත ළඟා වේ.... මී වද සුවඳ සදා දේ... ///