පෙම් පහන නිවීpem pahana niwii

Pem Pahana Niwi

සංගීතය:
පී. එල්. ඒ. සෝමපාලpii. el. ee. soomapaala
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

චිත්‍රපටය : අසෝකා (1955)

පෙම් පහන නිවී
පෙම් මල් පරවී
ඇවිළේය වියෝ ගිනි ජාලේ..
අපි හැංගි හැංගි බැඳි ආලේ...

මායාවකී
සිහිනෙකි ප්‍රේමේ
නරකාදියකී මට
මේ ලෝකේ..
හඳ කැබලි කඩා
බිම දැමුවා සේ
ගන අන්ධකාරයි ලෝකේ..
අපි හැංගි හැංගි බැඳි ආලේ...

පෙම් කූඩු කැඩී
පෙම් ගඟ වියළී
කම්පා වෙමී සංතාපේ..
කළෙ කවුද කවුද මේ සාපේ...

පෙම් ඔරුව කැඩී
පෙම් හබල බිඳී
සැඬ වතුරේ ඒ මේ අත පාවේ..
පෙම් බැමි පුපුරා
පෙම් හද දෙදරා
පෙම් කතරේ මා දැන් අඳුරේ
කළෙ කවුද කවුද මේ සාපේ...

දෙව් රජිඳා
නැත පූජාසනේ
ගිනි ගෙන ඇවිළේ
පෙම් දේවාලේ..
සසරේ වසනතුරූ
එක වාගේ
මතු ජාති ජාති ඔබ මාගේ
ඔබ කොහිද කොහිද පෙම් රාජා...