පෙම් මතකයන්pem mathakayan

Pem Mathakayan

සංගීතය:
ෂයන් ප්‍රනාන්දුshayan pranaandhu
පද රචනය:
නිලූකා වීරසිංහniluukaa wiirasinha

ගී පද

ආනුප්‍රාණේ තිස් නුරා නොදොඩා වශි වෙලා
සංසාර චාරිකාවේ මග වැරදුණා
සංතාප වේදනා හංගා නිවා දමා 
ශෘංගාර ආදරි ළඟ හිත නැවතුණා
පෙම් මතකයන් හිත් පතුලට කරන්
මග බලා උන්නා නම් තනිකඩයි තාම මං.......

සුරංගනාවක් වගේ ළං වී එදා 
වසන්තයත් අරන් හදින් වෙන් වී ගියා
කියාගන්න බැරි තරම් අසරණ කළා
හිත හදාගත්තේ තනියෙන් මං වැරදි ඔයා
පෙම් මතකයන් හිත් පතුලට කරන්
මග බලා උන්නා නම් තනිකඩයි තාම මං.......

අන්නතයෙන් එහා සොයා දුව පියඹලා
නෑ පලක් තවත් කියා හිඳින්නට නුරා
වෙන් වුණත් එදා බොරු චෝදනා ගොතා
දුක දරා ගත්තේ කොහොමද මං සිතුවද ඔයා
පෙම් මතකයන් හිත් පතුලට කරන්
මග බලා උන්නා නම් තනිකඩයි තාම මං.......

ආනුප්‍රාණේ තිස් නුරා.......