පෙම් කවි දහසක් (සංසාර දෙනෙත් යුග)pem kawi dhahasak (sansaara dheneth yuga)

Pem Kavi Dahasak (Sansara Deneth Yuga)

ඇල්බමය
Unuhumata Mathaka Nadda?
සංගීතය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
පද රචනය:
රුවන් නන්දිකruwan nandhika

ගී පද

සංසාර දෙනෙත් යුග ඔබව සොයාගෙන 
පසුපස එනවා හොරෙන් හොරෙන්
දැනෙන ආදරේ ඔබට කියන්නට  
දෙන්න ඉඩක් මට හෙමින් හෙමින්
පෙම් කවි දහසක් ඔබට ලියාගෙන 
මුමුණ මුමුණ මා සිතින් සිතින්
චුට්ටක් අහගෙන හිටියොත් ඇති මට 
(ළමැදට ලංවී ඉතින් ඉතින්...//)

දඟකාර කතා මැද කෝලම් බෝම වැඩී
ආඩම්බර මුත්... මොහොතක් මා ගැන හිතනවා... මහන්තනී...
ගොන්මන් කළුවර ඈත අහසේ සඳවතීට ඉඩ දී...
නිරුවත් දෙනෙතින් කියන කතාබහ මට කොඳුරනවා වැනී...
පෙම් කවි දහසක් ඔබට ලියාගෙන 
මුමුණ මුමුණ මා සිතින් සිතින්...
චුට්ටක් අහගෙන හිටියොත් ඇති මට 
(ළමැදට ලංවී ඉතින් ඉතින්...//)

ලියූ කුරුටු ගී කුරුටු නොගා හිදී...
විසේකාරකම්... රඟන්න මා හා...
සමාද සුවෙන් මිදී...
හදවත ගැහෙනා තාල ගී ගුමු උජාරුවට පනදී
අනගි රංගනේ පූජාසනයේ වන්දනීය කරතී...
පෙම් කවි දහසක් ඔබට ලියාගෙන 
මුමුණ මුමුණ මා සිතින් සිතින්
චුට්ටක් අහගෙන හිටියොත් ඇති මට 
(ළමැදට ලංවී ඉතින් ඉතින්...//)