පෙම් කතාවක් ලං වෙලාpem kathaawak lan welaa

Pem Kathawak Lan Wela

ගී පද

පෙම් කතාවක් ලං වෙලා කොඳුරන්න රහසින් ඔයා
මගේ ජීවිතේ සතුටින් තියා
සනසන්න සිහිනෙන් පවා

ගිනි වැටුණු ගන් තෙර දිගේ 
ඇවිදින්න ලං ලං වෙලා
ඔබ වෙතින් හමන සුසුමේ 
හඳ දෙනෙයි සුසුමක් වෙලා 
හිරි වෙටෙන හැඟුම් අතරේ 
දිව යාවි ප්‍රේමය ගලා
ඇස් දෙකෙන් දුටුව සෙනෙහේ 
නලී යාවි දෙතොලඟ පුරා

උණුසුමක් දෙනෙනා තුරුලේ 
නිදියන්න ඇස් දෙක පියා
හදවතේ සියුම් රාවේ 
මට දැනෙයි මුළු රැය පුරා
ඒ තමයි මිහිර ජීවේ
මුළු ලොවින් පෙම් කර පෙරා
සංසාරේ පුරුද්දක් සේ
යලි යලිත් ඒවි සොයා
හා හා හා ....