ගී පද
හමන සුළඟට නලියන ගින්දර
නිවන සිහිලැල් සුළඟක දැවටුන නිම් තෙරේ
ගිම් නිවූ ඒ රසේ
හැඟුම් හිත ළඟ ඇහැරෙන තරමට
හෙමින් මා ළඟ තුරුලෙම දැවටුන ඒ රසේ
මා සොයා ආ දිනේ
ජීවිතේ පෙම් කතන්දරේ
මගේ ජීවිතේ ඒ පෙම් කතන්දරේ
මායි මේ නෙත් යා වුනේ ඒ සීතේ
ගයාවී හද පැතූ පෙම් ගීතේ
සදා දී පෙම් සිහින මන්දිරේ
අපේ...
අපේ ජීවිතේ ඒ පෙම් කතන්දරේ
හමන සුළඟට නලියන ගින්දර....
මා හදේ නැවතී මැවූ ඒ ලෝකේ
ඔබම දෝ මගේ හදේ පෙම් ගීතේ
නිමා වේ සන්තාප හෝරාවේ
අපේ...
අපේ ජීවිතේ ඒ පෙම් කතන්දරේ
හමන සුළඟට නලියන ගින්දර....
අපේ ජීවිතේ ඒ පෙම් කතන්දරේ
අපේ ජීවිතේ ඒ පෙම් කතන්දරේ