පෙම් කැකුළ පිපීpem kaekula pipii

Pem Kakula Pipi

ගී පද

(පෙම් කැකුළ පිපී එනවිට මහදේ - එය පරව ගියා
මා හෙළා මේ දුක් අන්ධකාරේ - අන්ධකාරේ...//)

බොහෝ කෘෘරයි අහෝ ලොව ධර්මේ  
මිල කළේ ඇයිදෝ ඔබ ප්‍රේමේ
මා පියඹ සුදෝ ඔබ තනි කරදා - මට යන්න වුනේ
මා දුගී නිසයි මේ සමාජේ - මේ සමාජේ

(ඔබෙ බිළිදා මා තුරුලෙ හොවාලා 
නළවන්ටයි මා උන්නෙ බල බලා...//)
ඒ පැතුම මෙමා හද පතුලෙ නැගී - අද නිසරු වුනේ
කෘෘර වූ නිසයි මේ සමාජේ - මේ සමාජේ

(හඳ පායා සුනීල වූ අඹරේ - ගිලුනා සේ වළාකුළු අඳුරේ...//)
අප හදෙහි නැගී පෙම් එලෙස ගියා - අඳුරෙහි ගිලුනා
නිශ්ඵලයි ජීවත් වීම ලෝකේ - දුෂ්ඨ ලෝකේ

පෙම් කැකුළ පිපී එනවිට මහදේ - එය පරව ගියා
මා හෙළා මේ දුක් අන්ධකාරේ - අන්ධකාරේ