පෙම් හීනේpem hiinee

Pem Heene

සංගීතය:
චතුරංග රණදත්තchathuranga ranadhaththa
පද රචනය:
චතුරංග තේනුවරchathuranga theenuwara

ගී පද

පෙම් හීනේ පෙම් හීනේ මට දුන් ඔය පෙම් හීනේ
බිඳ දාලා කොහේ හැංගුවාදෝ ඔයා දුන්නු හීනේ.......

සඳක් වීලා මායාවී මගේ නින්ද බින්දා
රැයක් ගානේ උන්නු හැඟුමන් පාවී ගියා
මෙතෙක් කල් නොආ හැඟුමන් 
හිතේ තනිය වින්දා ඒත් ඔබේ හිනා මානේ
කොහේදෝ ගියා.......

පෙම් හීනේ.......
ඔයා දුන්නු හීනේ.......

එදා දෑත අල්ලා ඔබේ සුවඳ වින්දා 
හිතේ උන්නු හින්දා මුළු රෑ පුරා
ඒත් ඔබේ හිනාවන් හදේ හීන නංවා
කවදා කොහේ හෝ නැති වී ගියා
මගේ හීනේ කොහේදෝ නැතිවී ගියා........

පෙම් හීනේ.......
ඔයා දුන්නු හීනේ.......

යළිත් සඳ උදා වී රැයක් පැමිණ ඒවි
ඔබේ සිහින මානේ නෙතු පියවිලා
යළිත් ඔබ නොඒවී ඇසුත් නිදිමරාවී
මගේ හීන ලෝකේ අඳුරේ තියා
ඔයා දුන්නු හීනේ නොදුටු නිසා.......

පෙම් හීනේ.......//
ඔයා දුන්නු හීනේ.......