පෙම් හැඟුම් තේරුණාpem haengum theerunaa

Pem Hangum Theruna

ගී පද

දුටු සැණින් ඔබ මගේ හදවතේ නැවතුණා 
මට ඔබේ ඇස් දෙකෙන් වෙන් වෙලා බැරි වුණා
අපි අපේ හිත් වලින් මොහොතකින් ළං වුණා
මට ඔබේද ඔබට මගෙද පෙම් හැඟුම් තේරුණා
ගත සියුම් තැන් පවා ඔබේ රුවින් මත් වුණා
නුඹ හුස්මන් පවා නැවතුණා හිරවුණා
ආදරේ උණුසුමත් හිත පුරා ඉතිරුණා
(මට ඔබේද ඔබට මගෙද පෙම් හැඟුම් තේරුණා.......//)

හීනයක්ද මේ හැබැහින් දකිනා
මාව තෙමනවා ස්නේහයේ වරලසේ
ඔය නෙතින් මගේ ජීවිතේ පෙනුනා
ආදරෙන් එක වරක් බැලුවත් මට ඇති
නිසල ජීවිතේ තනිව ආ මගේ නැවතුණේ 
ඒ ඔබයි සුහදේ.....

ඔබෙත් මගෙත් පැතුම් එකමදෝ හිතට අරන්
මහ මෙරක් සේ ගියත් ආදරේ ළඟ තියා
ඔබ මගෙයි මා ඔබෙයි අපි අපේ වෙයි සදා
මට ඔබේද ඔබට මගෙද පෙම් හැඟුම් තේරුණා
දෛවයේ ලිවු ලෙසින් ඔබට මා හුමුවුණා
පෙම් කරන්නට හිතක් මට ඔබෙන් හිමිවුණා
පෙම් කතාවක් ලොවේ අපේ නමින් ලියැවුණා
මට ඔබේද ඔබට මගෙද පෙම් හැඟුම් තේරුණා.......
තේරුණා......