ගී පද
පෑල දිග අහසේ පාට දේදුනු සේ
රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ
ලබැඳී මියුලැසියේ...
සිතින් මගෙ සිත දරාගෙන ඔබ
ගෙවා ආ මග ඉතින් නිම වේවි
කඳුළු ගංතෙර නතර වෙමි මම නම්
සිනහ තොටුපල සොයා යනු මැන
ලබැඳී මියුලැසියේ...
කිරි සිනාවක සුවඳ කැටිවුණු
සිහින ගිනිගත් වසන්තය මිහිරියි
කඳුළු ගංතෙර නතර වෙමි මම නම්
කඳුළු තොටුපල අතැර යනු මැන
ලබැඳී මියුලැසියේ...
පෑල දිග...