ගී පද
පැහැසර සිත ලග අද මම නවතින්නම්.......
සදා කාලික ප් රේමය සිතේ දරා
පැහැසර සිත ලග..//
මගෙ ජීවිතයම බාරයි නුබට සදා
පෙරුම් පුරනා මේ සංසාරය පුරා
සෙවනැල්ල වී නුඹ මගේ සදා
ලග ඉන්න හැර යන්නෙපා මා
කවදාකවත් නුඹ හැර නොයමි මා
නුඹ මාගේ ආත්මයම වීලා
පෙරුමන් පුරා හැම භවේ
මේ ලෙසම හමුවෙමු ආයේ
මගේ සන්තකේ නෑ ඉඩක්
තවකෙකුට මේ සංසාරේ...
පැහැසර සිත ලග...//
කල් යාණියෙ නුඹ මට දුන් සෙනෙහේ
මගෙ හුස්ම හා සම වැදීලා
සැනසීම නුඹගෙන් මට හිමි වුණා
නොසිතු සේ මුණගැහිලා
පෙරුමන් පුරා හැම භවේ
මේ ලෙසම හමුවෙමු ආයේ
මගේ සන්තකේ නෑ ඉඩක්
තවකෙකුට මේ සංසාරේ
පැහැසර සිත ලග..//