ගී පද
(පීනමුකෝ කළු ගඟේ කිරි බැබළෙන හඳපානේ...//)
දෙගොඩ තලා යන වතුරේ තරඟ නැඟී පෙන විසිරේ
කිරි බැබළෙන හඳපානේ
පීනමුකෝ කළු ගඟේ කිරි බැබළෙන හඳපානේ.....
සුනිල් දියේ සඳ කැළුම් වැදීලා දිය රැළි හා රඟ දෙන්නේ
සුදට සුදේ සුදු කෙකටිය ගාලක් දිය මතුපිට ළෙල දෙන්නේ
(පීනමුකෝ කළු ගඟේ කිරි බැබළෙන හඳපානේ...//)
ඕළු නෙළුම් මල් දෝත පුරාගෙන සුදු ඇදුමින් සැරසීලා
ඉවුර දිගේ අර බෝ මළුවට නොවැ මේ මහ පිරිස ඇදෙන්නේ
(පීනමුකෝ කළු ගඟේ කිරි බැබළෙන හඳපානේ...//)
බුදු හිමියාණන් මෙලෝ දිනූ ඒ පෝය දිනේ සිරි වෙසඟේ
සාධු නාද දෙති මහ සේනාවෝ නිවන් මඟට බසිනා
කිරි බැබළෙන හඳපානේ....
පීනමුකෝ කළු ගඟේ...../