පායන සඳේpaayana sandee

Payana Sande

ගී පද

පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
නාදෙට නුඹේ සැලුනා මාගේ
හර්දේ නුඹටයි පූජා කළේ

රංගන ගෙනා උකුලේ සැලෙනා
තාලෙට සෙළවෙයි මා හර්දේ
ගී පද සී පද තාලෙට නටනා
මා මන බැන්දේ ඒ හින්දා

හංස වෙසින් නුඹ රඟනා විලාසේ
ඉවසිලි නෑ මගෙ සිත මැණිකේ
කන්ට අඳින්නට දෙන්නං සදා මං
නවතාපන් නුඹෙ නැටුම් නගේ

ලස්සන නුඹෙ ඔය රූපෙ සොබාවේ
මට විතරක් නම් මගෙ මැණිකේ
රංග සබාවට යන්ට එපා නුඹ
මට විතරයි ඔය නැටුම් අගේ