පායනා ඉර පාන කාගේpaayanaa ira paana kaagee

Payana Ira Paana Kage

ගී පද

පායනා ඉර පාන කාගේ
පීදෙනා මල් යාය කාගේ
හසරැලි මවෙත ගෙනා
පායනා දස සේ ගලා ඒ
වෑහෙනා නදියේ රැදි ඒ
නෙත දිලි කදුළු දොවා //
සිත මදනල ඈත කදු සිප
මෑත මා සොයනා...

මේ ගග දියරැලි වාගේ
පිබිදේ සිතුවිලි මාගේ //
දිදුලනා...තරු නෙලා
වන තීරයේ සරා
හිනැහෙමි සැනසෙමි
සොයනෙමි ඔබ දිව රෑ...

සෝදුක නෑ හිත මානේ
මේ ඉර රෑ හද මාගේ //
පියඹනා...සිත සදා
මගෙ හීනයේ වෙලා
හිනැහෙමි සැනසෙමි
සොයනෙමි ඔබ දිව රෑ...

පායනා ඉර.......