පායන දේදුණුpaayana dheedhunu

Payana Dedunu

සංගීතය:
සරත් දසනායකsarath dhasanaayaka
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

පායන දේදුණු කුමටද පල නැත - ඇහි පැමි ඇත ඔබෙ වතේ
මා ළඟ ඈ ඇත ඒ වත මට ඇත - නොතැවෙනු මැන සඳ වතේ
ආදරයේ සමනළියේ - මා ඔබගේ - මලය ප්‍රියේ

අහා.... අහා හා...

නෙළුම් විලයි හිරු එළියයි - අරුණෙහි හිනැහෙන නිසා
සමන් වැලයි මල් පොකුරයි - සුළගේ නැලවෙන නිසා
ආදරෙන් බලන්නේ - කවුරුදෝ සොයන්නේ
අපේ පෙම් කතාවේ - මා ඔබේ පෙම් කුමරාවේ

අදයි හෙටයි මතු දවසයි - ඔබෙ පිය සෙවනෙහි මවා
ලැඟුම් ලබයි මගෙ දෙනුවන් - උදයේ මෙන් රෑ දිවා
ජීවිතේ වසන්තේ - නැගෙන තුරු දසන්තේ
බැඳි ඉමු දයාවේ - ආදරේ මල් රජ දහනේ