පායාලා දෑසේpaayaalaa dhaesee

Payala Dase

සංගීතය:
ප්‍රසන්න දිසානායකprasanna dhisaanaayaka
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

පායාලා දෑසේ ආලකම් පෑව හීනෙන් බැස යන්න හැකිදෝ හිරු
හෝ ගාලා මා දෑස උණුසුම්ව කඳුලින් බැස යන්න හැකිදෝ සඳු
මගේ ආදරේ මදි වීලාදෝ අද ඔබ යන්න ගියේ හංසියේ
ආදරය නාමෙන් මොනවද නොකළේ ඔබ වෙනුවෙන්
ආදරය වෙනුවෙන් මොනවද ඕනේ තව මාගෙන්.....

තාරකා මල් වෑහෙනා සීතේ පින්නේ ගෑවෙනා
රෑ පුරා ඔය සුසුමේ යා වෙලා
දෙතොල් මත් වී ළං වෙලා සුවඳ මල් මී ඉහිරිලා
සුසුම් වේගේ දැඩි වීලා ගියා
ඒ මොහොතේ දුර බැලුවේ කව්රුන්දෝ
ආදරය නාමෙන් මොනවද නොකළේ ඔබ වෙනුවෙන්
ආදරය වෙනුවෙන් මොනවද ඕනේ තව මාගෙන්.....

සුන්දරයි කී ආදරේ ඉක්මනින් ඇයි සුන් කළේ
නොකළ වරදයි වරදක් වී ගියේ
ජීවිතේ ලද වේදනා අන්දකාරේ මා දමා
පාරවයි රුදුරු ගින්නක් සේ දවා
අද ඔබගේ ළඟ ඉන්නේ කව්රුන්දෝ
ආදරය නාමෙන් මොනවද නොකළේ ඔබ වෙනුවෙන්
ආදරය වෙනුවෙන් මොනවද ඕනේ තව මාගෙන්.....

පායාලා දෑසේ.....
ආදරය නාමෙන් මොනවද නොකළේ ඔබ වෙනුවෙන්
ආදරය වෙනුවෙන් මොනවද ඕනේ තව මාගෙන්.....