පායා නැගී ඒවි රන් තාරුකා paayaa naegii eewi ran thaarukaa

Paya Nagi Ewi Ran Tharuka

සංගීතය:
සිරිල් පෙරේරාsiril pereeraa
පද රචනය:
උබේනන්ද දිසානායකubeenandha dhisaanaayaka

ගී පද

පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා...
සේපාලිකා...//

දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
තනිව හඬනා රැයේ හදට දී වේදනා
එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න
දුර ඈත සිට එන්න සේපාලිකා...
සේපාලිකා...//

රෑ මීදුවේ දිලුනු තරුමල් ලෙසේ
ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා
කඳුල පිස ලන්න සතුට තවරන්න
සුවඳක් ලෙසින් එන්න සේපාලිකා...
සේපාලිකා...//