පවුරු වළල්ලක් බැඳලාpawuru walallak baendalaa

Pawuru Walallak Bandala

ගී පද

පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා

කවුළු දොරින් බලා ඉඳිමි
‍ඔබ එනතුරු බලා ඉඳිමි //
ඇතින් පිය මනිනු දකිමි
සුසුම් හෙලා හඬා වැටෙමි
සුසුම් හෙලා හඬා වැටෙමි

පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා

නිරතුරු ඔබේ මුහුණ දකිමි
පෙම් සටනින් පැරද නොයමි //
ලොවක් නොමැත අපිට අහිමි 
ඔබ හා මිස තනිව නොයමි
ඔබ හා මිස තනිව නොයමි

පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා //

මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා ////