පාවී පාවීpaawii paawii

Pawee Pawee

සංගීතය:
අමිත් ගුරුamith guru
පද රචනය:
තිසර මනෝජ් වීරසිංහthisara manooj wiirasinha

ගී පද

පාවී පාවී පාවී යාවී ආදර ගඟුලම සේදී
ප්‍රේමියේ අපට හිමි
යාවී යාවී යාවී දෑස කඳුලින් සේදී යාවී
කාලයේ මතක පිරී 
(ආදරේ වෙනස දැනී පාළුවේ තනිව හිඳී......//)

මල් යායේ අත් පටලා ඇවිදපු අපි ඒ කාලේ
ළං වෙන්නට සමනලියන් නෑ ඔබ පමණයි ආවේ
ආදරේ කොහේද ගිහින් සමනලුනේ ඈ කොහේද කියන්
ආදරේ තවම කියන් සමනලුනේ මා තනිව කියන්.......

පාවී පාවී පාවී යාවී ආදර ගඟුලම සේදී
ප්‍රේමියේ අපට හිමි.......

තොල්පෙති මත රහසේ රැඳුණු සුන්දර සිනා ඇගේ
රොන් ගන්නට සමනලු ආවද පෙම්බරකමක් දිගේ
ආදරේ කොහේද ගිහින් සමනලුනේ ඈ කොහේද කියන්
ආදරේ තවම කියන් සමනලුනේ මා තනිව කියන්.......

පාවී පාවී පාවී යාවී.......