පාවී අහසේ වළාවේpaawii ahasee walaawee

Pawee Ahase Walawe

ගී පද

පාවී අහසේ වළාවේ සඳ කැල්මේ ලා 
දෑසේ මුසු වී නිම්නාදේ තරුමල් දින ඉගිලුණා 
ඈ හා...
රෑනේ පියඹා විහඟුන් සේ ලං ලං වුණා 
නෑවී සෙනෙහෙ මුතු වැස්සේ දම් සිනා රොන් වෙලා පානා 

මේ දැහැනේ හැඟුම් සොඳුරුයි කඳු මුදුනේ 
ගුවන පුරා සසරමි ආදරේ නම්
වන අරණ සකුණ පිරි මිහිරි රසයේ දේ 
ගුවන පුරා සසරමි ආදරේ නම්

පාවී අහසේ වළාවේ...

සිහිලයි හදේ දියවැල් තෙමා 
වී සාර නිසා වස්සානේ ඇරඹුනා 
ඔබ දුන් දුන් දුන් පෙම් ගී භාවනා 

වෑහෙන මේ ආදරේ සිනාවෝ 
සිහිලර පුරවා ගෙනා 
මේ ආදරේ සිනාවෝ 

විහිද පෙම් දාරා නුරා පැහැයෙනුත් දොවා 
කිසිදා ප්‍රේමේ පුරා හිරිහැර නෑ 
නැසෙයි රූ...

සිහිලයි හදේ...
පාවී අහසේ...