පවන් රොදක් සේpawan rodhak see

Pawan Rodak Se

ගී පද

පවන් රොදක් සේ මිදී යන්න ඇත්නම්
සුපුල් මලක් සේ රැගෙන යන්න ඇත්නම්
මේ බැමි සිඳ බිඳ දා
සැනසිලි සුවඳින් ඔබව දොවා
පොවෙන් වසන් වන්නට ඇත්නම්
ඔබට තුරුළු වන්නට ඇත්නම්

බලා හිඳී නෙත් හී සර සේ
පතා හිඳී සිත ඔබ සඳ සේ
පවන් රොදක් සේ මිඳී යමි
සුපුල් මලක් සේ රැගෙන යමි

පවන් රොදක් සේ ....

කුරුළු ගීත තනියට හිඳිනා
අපේම අපේම අපේ නිවන්නේ
ඔබට පෙනෙන්නේ මා පමණයි
මට ද පෙනෙන්නේ ඔබ පමණයි

පවන් රොදක් සේ ....