පෑව මල් සිනාpaewa mal sinaa

Pawa Mal Sina

ගී පද

පෑව මල් සිනා ඔබ මට මා වශී උනා 
ඔබ හට තාම මා සිතේ රැඳී තියේ  
වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට 
කාරනා පැතුම් අතීතයේ 

නිලන වැසි සමේ ඉකිබිඳ හඬන හිත මගේ 
නුඹ ගැන හීනය හිත යටම නිදිවරයි
හිතට හිත නැතත් නෙත ලඟ 
තවම මැවි මැවී නොපෙනෙන 
ජීවිතයට සැනසුම නුඹමයි 

සුවඳ මල් නෙලා සැරසුව 
පාට හැඩ තියා ගැලපුව 
මගේ නොවන හිත නුඹේ ලඟයි 
කඳුළු තව තියේ සීතල 
හඬනවාම නම් දෙනුවන 
මගේ නෙතට හදවත කොඳුරයි    

පෑව මල් සිනා ඔබ මට මා වශී උනා 
ඔබ හට තාම මා සිතේ රැඳී තියේ  
වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට 
(කාරනා පැතුම් අතීතයේ)...///