පව්කාර මං නිසාpawkaara man nisaa

Paukaara Man Nisa

සංගීතය:
අකි විශ් හේගොඩaki wish heegoda
පද රචනය:
දිල්ෂාන් අබේසේකරdhilshaan abeeseekara

ගී පද

පව්කාර මං නිසා පසුතැවුණු දා ඔයා
පෙර පින් නිසා ලැබුණු ජන්මයෙන් සමුගන්නෙපා
ජීවිතේ හෙට ඉඳන් රැකගෙන ඔයා හොඳින්
මේ මිහිතලේ ඉන්න මගේ ආයුෂත් අරන්
(මගේ අවසන් තීරණේ එය තමයි ඔබ කෙරේ
දෙවියන්ටයි භාර කෙරුවේ මං ඔබේ ජීවිතේ......//)

හුස්මට පවා පෙම් කළේ ලං වෙලා
දිළිඳුකම මගේ දැන දැනයි ඔබ සෑමදා
දෙතැනක වෙලා ගෙවෙන දින සති පුරා
පින් කරමි මෙමා මතු භවෙත් ඔබවම පතා
(මගේ අවසන් තීරණේ එය තමයි ඔබ කෙරේ
දෙවියන්ටයි භාර කෙරුවේ මං ඔබේ ජීවිතේ......//)

පියවෙන දිනේ නෙතු මගේ ඔබ නිසා
ආරංචි වෙයි හැඬුවා නම් දුක දරා
ඇවිත් ඒ දිනේ සොහොන් කොත මගේ සොයා
පතනු මැන නිවන් සුව හදවතින් මට ඔයා
(මගේ අවසන් තීරණේ එය තමයි ඔබ කෙරේ
දෙවියන්ටයි භාර කෙරුවේ මං ඔබේ ජීවිතේ......//)

පව්කාර මං.......