පැතුමුත් හදින්paethumuth hadhin

Pathumuth Hadin

සංගීතය:
ද-සන්dha-san
පද රචනය:
සිදත් සමරවික්‍රමsidhath samarawikrama

ගී පද

පැතුමුත් හදින් ඉන්නට ළඟින්
සිතුවෙමි සිතින් ඉන්නට දුරින්
සිතුමුත් සිතින් ඉන්නට ළඟින්
පැතුවෙමි හදින් ඉන්නට දුරින්
ජීවිතේ හරි පුදුම රැඟුමකි
ආදරේ හරි පුදුම හැඟුමකි
ආදරේ හරි පුදුම රැඟුමකි
ජීවිතේ හරි පුදුම හැඟුමකි........

සිතින් සිතුවා මතක ලෙස ඇවිත්
සැමරුමක් ගෙන සුබ පතන්නට
ළඟින් ඉන්නා විටක රිදුමකි නම්
හිතින් කෙලෙසක එලෙස එන්නද මං
ලොවට සැඟවුණ නුඹට නොහැඟෙන
දුරට සුවඳ එන කඳුළු දෙහි මල්
ලොවට පෙනුණට නුඹට නොපෙනෙන
සුළඟේ පා කළ සුබ පැතුම් මල්.....

පැතුමුත් හදින්........

ආයේ එන්නෑ කුමරුනේ මං 
දරාගෙන ඉමි විරහා කඳුළැල්
පතා ආ ලෙස වෙන්ව ඉන්නෙමි මං
තවත් කුමටද මං මුලා වී නම්
ලොවට පෙනුණට නුඹට නොපෙනෙන
සුළඟේ පා කළ සුබ පැතුම් මල්.....
ලොවට සැඟවුණ නුඹට නොහැඟෙන
දුරට සුවඳ එන කඳුළු දෙහි මල්......

පැතුමුත් හදින්.......