පැතුමක තුරුළුවpaethumaka thuruluwa

Pathumaka Thuruluwa

සංගීතය:
ලසන්ත වීරසූරියlasantha wiirasuuriya
පද රචනය:
චතුක මධුරංගchathuka madhhuranga

ගී පද

පැතුමක තුරුළුව තනිකඩ මේ හිත
හොයන තරම් ඔබ දැනුනෙම නැතිනම්
රහසෙම දවසක නැවතී නෙතු යට 
හීන තියන්නම් අවසර හිමි නම්
නොසිතුව තරමට ළංවී ළඟටම 
දෙනෙත් කතන්දර කීවත් රහසින්
වියළුණු නෙතු ළඟ ඉතිරිව නෑ පෙම
ලෙන්ගතු පැතුමක දැවටෙන තරමින්

නුහුරු වදන් මට ගලපා ගන්නට
බෑ එක පෙළකට තාමත් හරියට 
නුපුරුදු ඒ හැම වදනම එක් කර
ගලපා දෙනු මැන ඔබ වෙන හිතකට
මං වත් නොදැනිම හදවත ඉපදුන
ඒ පොඩි පැතුමට ළඟ ඉඩ නැතිවෙද

කඳුළක රිදවන පෙර මතකයකට
පිදුවෙමි සන්තක හැම පැතුමම මම
මතකය අමතක කර මතු දවසක
එනතුරු ඉන්නද මං තනිකඩවම
මතු හෙට දවසක මේ හිත් මළුවට 
එන්නට අවසර නෑ වෙන හිතකට

පැතුමක තුරුළුව ....