පැතුමක් තියාpaethumak thiyaa

Pathumak Thiya

සංගීතය:
ශයාන් ප්‍රනාන්දුshayaan pranaandhu
පද රචනය:
නිලූකා වීරසිංහniluukaa wiirasinha

ගී පද

පැතුමක් තියා නෙතු ළඟ හීන රඳවලා
වෙනතක් පැතූ ඔබ ගැන හිඳිමි මග බලා
දෛවයේ සරදමින් දුරකට වෙලා
පෙම් කළත් නෑ ඔබ කෙරෙන් අහිතක් පතා
ඔබ සොයා ආයෙමත් කිසි දිනේ එන්නේ නෑ
ඔබ මගේ පණ වුණත් යළි සමා දෙන්නේ නෑ......

(නෙතට නිදි නෑ හිත ගාව රුව මැවෙනවා
සතුට හිමි නෑ නුඹ ගාව මා හඬනවා...//)
හිනැහුණු තරම් පෙරදා හිත දන්නවා
හැමටත් වඩා මැණික මට නුඹ වටිනවා
ඔබ සොයා ආයෙමත් කිසි දිනේ එන්නේ නෑ
ඔබ මගේ පණ වුණත් යළි සමා දෙන්නේ නෑ......

(මතක ළඟ මා හැමදාම ඔබ සොයනවා
ළඟක ඔබ නෑ දැකගන්න දින ගනිනවා....//)
යන තැනක සැනසෙන්න සුභ පතනවා
අඳුර අද මා ළඟ දැවටී තනි රකිනවා
ඔබ සොයා ආයෙමත් කිසි දිනේ එන්නේ නෑ
ඔබ මගේ පණ වුණත් යළි සමා දෙන්නේ නෑ......

පැතුමක් තියා......