ගී පද
පැතුම් විමානේ කිරුළ දරන්නට
සෙනෙහෙ විලේ පිපි පියුම පුදා
පෙරුම් පුරාගෙන සෙවනැල්ලක සේ
මිටියා මතකයි සසර පුරා
පිවිතුරු සෙනෙහස බැතියෙන් පුදනෙමි
ජීවිතයට හුරු පැතුම වෙලා
කප්සුවහස් කල් පෙරුම් පුරා එමි
සෙනෙහෙ පොදක් වී වඩින තුරා
සුසුම් කුණාටු සැඩ පහරක් වී
ඔබවෙත එන මග මුවා වෙලා
රුවන් සඳක් සේ දිදුලන සෙනෙහස
කඳුළු වළාවක මුවාවෙලා
මග වරදින්නට වැරදී යන්නට
නොම දී අඳුරට එළිය වෙලා
කඳුළු වළාවෙන් නැගිලා එන්නම්
සෙනෙහයේ රන් කදක් වෙලා
පැතුම් විමානේ .....
පිවිතුරු සෙනෙහස....