පැතූ පෙම් පැතුම්paethuu pem paethum

Pathu Pem Pathum

ගී පද

වලාකුල් වියන් තනාලා
ඉරේ රැස් නිවා දමා
වසන්තය අරන් ඇවිල්ලා
සිහිල් සේලයෙන් වෙලා...//

අනේ මං බලාන උන්නා
යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා
මගේ සඳ උදාවෙලා


පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
ගැලූ පෙම් ගඟුල් ඉතිරිලා
අනන්තය සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා...//

දසන්තේ පියා සළාලා
සඳේ රැස් හෙමින් උනා
සොයන්නේ ඔබේ රුවයි මා
කොහේ හැංගුණේ කියා...//

රැයේ සීතලෙන් මිදිලා
තුෂාරෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා
සුසුම් උණුසුමක් පතා...//

පැතූ පෙම් පැතුම් මල් ඉගිලිලා
හැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා