ගී පද
පාට පාට කොඩි ලෙළදෙනවා
ළමා රංචු ගීත කියනවා
මෙදා සැරේ අපි දෙනවා ගිය පාරත් අපි දිනුවා
Big Match එක අපි දිනවනවා
හෙටයි අපේ Big Match එක
අදයි අපේ ස්ටැග් නයිට් එක
Big Match එක අපි දිනවනවා
කවි පදවැල් ගී පද වෙන
ගී පදවැල් කවි පද වෙන
මීවිත තොල ගගා සැවොම විනෝද වන්නේ
නිල් නාඹර පට සළුවෙන්
රඟදෙන සුරඟන අඟනුන්
දෙස කව්රුත් සතර නුවන් බැලුම් හෙලන්නේ
ළමා ලොවම ඉන් වැනසෙන්නේ...
පාට පාට....
ළමා ලොවම නොමග යවන
සුද්දවතුනි මඩි තරවෙන
නුඹේ ගෙලට ඇඹරුම් ගල් මාල වැටෙන්නේ
නුඹට යහපතක් වන ලෙස මහ මුහුදට හෙලා නුඹව
ගිල්වන ලෙස එතුමා අප හට පවසන්නේ
ළමා ලොවම ඉන් ගැලවෙන්නේ...
පාට පාට....