පාසැල් බිමේ හමුවූpaasael bimee hamuwuu

Pasal Bime Hamuwu

ගී පද

පාසැල් බිමේ හමුවූ සුර කුමරියේ 
සිප් සතර සේ ඉඩදෙන් මට ඔබ ළයේ 
සරසවි බිමේ මතුදා හමුවන දිනේ 
නෙත් ඔය ලෙසේ නාරින් මට මග පියේ

සටහන් පොතක් තුල සැඟවී හොරෙන්
මට ඉන්න ආසයි ඔබෙ ලය ලඟින්
සුදු මුදු ගවුමේ ඉඟ වට රැලි සේ 
දැවටෙන්න ආසයි ඔය බඳ වටින්

පාසල් බිමේ....

පැනයන් රැසක් ලඟ පිළිතුරු ලෙසින් 
පිට වෙන්න ආසයි ඔබේ මුව තුලින් 
රතැඟිලි අතරේ තෙලි තුඩ විලසේ
සිප ගන්න ආසයි ඔය මුදු ලවන්

පාසල් බිමේ....