ගී පද
පරිස්සමට තියා ගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ
තියා ගියපු දුක තනියම ඉකිබිද බිද හැඩුවා
රෑ සීත යාමේ මේ හිත යට හීන ගෙනත් තියලා ඔබ
යන්න ගියා එක දවසක මේ හිතටත් නොකියා //
නෙතු තෙමී ගියා ඔබ මතකෙට යන එන හැම වාරේ
මේ විශ්වයේ සැරි සරන්න ඔබමයි මට ඔිනේ
ඔබ නැතිදා හිත විමසයි නෙතු ඉගිලෙන යාමේ
සසරෙ පුරා පැතූ හීනය අද මා ලඟ නැනේ
මියැදෙන්න හිතයි ඔබ නොඑනා බව ලොවටත් කියලා
ඒ උනත් දුකයි එහෙම උනොත් ඔබ නොලැබෙයි කියලා
ඉකිබිදිනා මගෙ හීනේ ඔබ හිදීවි සැමදා
හමුවෙන්න ඉතින් ඉද හිටවත් ඔබ මගේය කියලා
පරිස්සමට තියා ගත්තු ....