පරසිඳු කොලොම්පුරේparasindu kolompuree

Parasidu Kolompure

සංගීතය:
ස්ටැන්ලි පීරිස්staenli piiris
පද රචනය:
වර්නන් පෙරේරාwarnan pereeraa

ගී පද

පරසිඳු කොලොම්පුරේ මෝදර ගං ඉවුරු කොනේ 
වියෝලෙ නාදේ ඇසෙන්නේ
හරියට වැටිලා පොරේ පෙන්නලා දුන් බයිලා සැරේ 
බයිලා රජා ගැනයි කියන්නේ

ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් 
බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්...//

සමාජ සේවකයා ඔහු පොලිසියේ ගායක
කිව්වම කව්ද නොදන්නේ
වයලින් වාදකයා ඔහු බයිලා නායකයා 
මේ බව කවුරුත් දන්නේ

ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් 
බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්...//

මුල් තැන අරගත්තේ ගිය ගිය තැන ජය ගත්තේ 
බයිලා රාග තාල වනාලා
හොඳ නම අර ගත්තේ රැක ගෙන ඔහු සිය තත්වේ 
කප් එක සුරතේ දරාලා

ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් 
බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්...//