පරණ පෙම්වතිparana pemwathi

Parana Pemwathi

සංගීතය:
ශනුක දිශාන්shanuka dhishaan
පද රචනය:
ශාමලී ලොකුවිතානshaamalii lokuwithaana

ගී පද

වසන්තය විතරක් නෙවෙයි ගිම්හානයත් සොඳුරුයි 
අමාවක විතරක් නෙවෙයි පසලොස්වකත් අඳුරුයි 
වසන්තය දුරනම්, ගිම්හානයේ එකම එක දවසක් 
වන්දනාවේ යං
වන්දනාවේ යං

රුධුරු කෙම්බිම් සරා ලොව ගලනවා නොනැවතී 
මද්දහනේ හද සිහිලැල් කරනා පරණ පෙම්වති 
එකම එක දවසක් වන්දනාවේ යං
ඉන්න හැකි තරමක් දුරින් ගිහින් එන්නට යං 
ගිහින් එන්නට යං

සමුදෙන්න හැකි නුඹට මට, මට නුඹට විතරයි  
පෙම්කලේ අපි සමුනොගන්නා නොකී ආලයටයි 
ඉන්න හැකි තරමක් දුරින් ගිහින් එන්නට යං
පරණ පෙම්වතියේ පෙම් වන්දනාවේ යං 
ගිහින් එන්නට යං