පරමිතා බල පූරිත පූජිතparamithaa bala puuritha puujitha

Paramitha Bala Pooritha Poojitha

ගී පද

සාදු..සාදු..සාදු..
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදස්ස

පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයානෝ
(වෙසක්‌ පොහෝ දින දිනූ සේක ලොව)...//
බුද්ධ දිවාකරයානෝ

පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයානෝ
වෙසක්‌ පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයානෝ

සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදුගුණ මුහුදේ

පාරමිතා බල..

(සනසා මුළු ලොව නිවන් ලබාදී
පුණ්‍ය මහෝදදී ශාන්ත සමාධී)...//
(සණරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයානෝ)...//

(මාර පරාජය කළ මුනිඳුන් ගේ)...//
කරුණා සීතල නෙත් දහරා
ගලා බසී තුන් ලෝතලයේ
දුක්‌ ගිමන් නිවා අම සෙත සාදා

බුදුරැස්‌ කැටිවී නැගි ආලෝකේ
පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ

පාරමිතා බල..