පපුතුරේ රැඳෙමින් (හීන අග රැඳි)paputhuree raendemin (hiina aga raendi)

Paputhure Randemin (Heena Aga Randi)

සංගීතය:
සංජුල හිමාලsanjula himaala
පද රචනය:
දිනේෂ් ධනංජයdhineesh dhhananjaya

ගී පද

හීන අග රැඳි හිත් කොණක ඇය ආදරේ අඳිමින්
මුදු වලා සිප මතුපිටින් බිඟු රොන් පුරෝ ගනිමින්
රෑ පුරාවට නිදි වැරූ නෙත් ආදරේ බෙදමින්
ඉඟිමැරූ පද ගලපමින් මගේ පපුතුරේ රැඳෙමින්.......

සීත රැඳි නුඹේ කොපුල් මත මගේ හිත නතර කරමින්
කඳුළු අමුණන දෙනෙත් තරු කැට යළි මගේ මුවගින්
ඈත නැති සඳ නිවී දිලෙන්නට රැය පහන් කරමින්
සිහි කෙරූ ඔබ යළි ඇවිත් මගේ ජීවිතේ නවතින්
ජීවිතේ නවතින්........

සීතලක් නැති උණුහුමක් මත අතරමං කරමි
සසැලී යහනක සතපවන්නට හද නතර කරමි
සිහින සියයක් අතරින් මාගේ ආදරේ සොයමි
දොරට වැඩුමට අවසරයි හෙට තෙලි තුඩින් ලියැවී
තෙලි තුඩින් ලියැවී......

හීන අග රැඳි......//