ගී පද
පන්නන්න බෑ මතකයෙන් කොහොමටත්
නවතින්නෙ නෑ ආදරේ හෙට මළත්
මං දුක් උනේ ඔබට නොදැනීම මං
ඔබ ගාවමයී ඉන්න ඕනේ තවත්
පිං මදි නිසා පුරුවෙ මා කෙරු
අයිතිය නොවේ පුරුවෙ වැටකොලු...//
ගැලපෙන්නේ නෑ කියලා අපේ හඳහන
වැළපෙන්න බෑ අතහැරලා මට ඔබ
සැනසෙන්න හරි දිනෙක වැනසෙන්නට
සුදු ඔබව ඕනේමයි මේ කොල්ලට
පිං මදි නිසා පුරුවෙ මා කෙරු
අයිතිය නොවේ පුරුවෙ වැටකොලු
ලෝකයම සනසන්න මං හිතුවෙ නෑ
අපි අපිට නැති වෙන්න ඉඩ දෙන්නේ නෑ
මගේ සතුට ඔබගාව අඩුපාඩු නෑ
සිත් බැඳුන දා රන්හුයක් ඕනේ නෑ
පිං මදි නිසා පුරුවෙ මා කෙරු
අයිතිය නොවේ පුරුවෙ වැටකොලු....//