පාන් කිරිත්තාpaan kiriththaa

PanKiriththa

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි 
මේවා බල බල තනි කෑදැත්තෙක් කීචි බීචි කියතෙයි......

පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන් ගත්තේ
අහළ පහළ කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
කොහේද සිට පැමිණුනු කෑදැත්තා වහලා අර අත්තේ
උන්ගේ නැටුමට බාධා කරමින් ගීය පටන් ගත්තේ.....

පාන්කිරිත්තා......

පාන්කිරිත්තා නැටුම නවත්වා කේන්තියෙන් ආවා
කෑදැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙළවූවා
ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා....

(අනුන් කරන දේ විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා.....//)