පඬුවස්නුවර කුමරීpanduwasnuwara kumarii

Panduwas Nuwara Kumari

සංගීතය:
රුචික ලියනගේruchika liyanagee
පද රචනය:
රුචික ලියනගේruchika liyanagee

ගී පද

හිනැහෙන්න මුහුවෙද්දි
ඔබෙ නමින් හෙළූ අවසන් සුසුම්
සුදු රෝස පිබිදෙන්න
රතු රෝස යයි අවසන් ගමන්..
පඬුවස්නුවර කුමරී           
එනවාද වළලන්න ප්‍රේමයේ මළගම 

නිදි නොමැති රෑ
තනිකම් හීන ඇවිදින් ...
ඔය දෑසේ මදහාස
මට සරදම් කරමින්...
රිදවන්නෙ පාරන්නෙ මියයන්නෙ ආදර
හිතක්..
සමුගන්නෙ බොඳවෙන්නෙ ලියැවිච්ච ප්‍රේමයේ කවක්..
පඬුවස්නුවර කුමරි 
එනවාද වළලන්න ප්‍රේමයේ මළගම

මා හා ගෙතූ..
ඇගෙ පෙම් කතාවන්...
මට ලංව හැරගියපු
 දෛවයක සරදම්..
තනිවෙච්ච හදවතට කුමකටද පෙම්         
මතකයන්...
පැරදිච්ච ප්‍රේමයට කුමකටද   ලෙංගතු 
කමක්....           
පඬුවස්නුවර කුමරී.....         
එනවාද වළලන්න ප්‍රේමයේ මළගම